කමිඳු මෙන්ඩිස් මංගල ටෙස්ට් කඩුල්ල ලබාගනී. (Video) -
Video

කමිඳු මෙන්ඩිස් මංගල ටෙස්ට් කඩුල්ල ලබාගනී. (Video)

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟයේ, දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 157ක් ලබාගැනීම හේතුවෙන් බංග්ලාදේශය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හිමිවුණා.

අනතුරුව ලකුණු 511ක් හඹායෑම සඳහා පිටියට පිවිසී බංග්ලාදේශය ඉනිමේ පලමු කඩුල්ල ප්‍රබාද් ජයසූරිය ලබාගැනීමට සමත්වූ අතර, ආරම්භක පිතිකරු Mahmudul Hasan Joy ලකුණු 24කට දැවීගියා.

බංග්ලාදේශය ඉනිමේ ලකුණු 132කට කඩුලු 4ක් බිඳ වැටුනු මොහොතේ ශකිබ් අල් හසන් සමඟින් ලිට්න් දාස් ලකුණු 61ක සබඳතාවක් ගොඩනැගූ අතර, එම සබඳතාවය බිඳ දැමීමට කමිඳු මෙන්ඩිස් සමත්වුණා. ඒ නිශාන් මදුශ්කගේ විශිෂ්ඨ උඩපන්දු රැකීමක් හමුවේයි. ශකිබ් අල් හසන් ලකුණු 36කට දැවීගියා.

එම වීඩියෝ එක මෙන්න

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button