තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා සම්මාන ද්විත්වයම කමිඳු මෙන්ඩිස්ට.. -
Video

තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා සම්මාන ද්විත්වයම කමිඳු මෙන්ඩිස්ට..

බංග්ලාදේශය සමඟින් පැවතී දෙවන ටෙස්ට් තරඟයෙන් ලකුණු 192ක දැවැන්ත ජයක් ලබාගැනීමත් සමඟින් තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමට දනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත්වුණා.

තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම හිමිකරගැනීමට කමිඳු මෙන්ඩිස් සමත්වුණා.

පළමු තරඟයේ සේම මෙම තරඟයේදීද පළමු ඉනිමේදී විශිෂ්ට ඉනිමක් දියත්කිරීමට කමිඳු මෙන්ඩිස් සමත්වූණේ නොදැවී ලකුණු 92 ක් රැස්කරමින්. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 32 කට බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු 03 ක් බිඳදැමීමට කමිඳු සමත්වුණා. ( කමිඳු මෙන්ඩිස් ලබාගත් කඩුලු තුන පහතින් නැරඹිය හැකියි ).

පළමු ටෙස්ට් තරඟයේදීද ඉනිම් දෙකේදී ශතක ද්විත්වයක් වාර්තා කිරීමට කමිඳු සමත්වුණා.( 102 & 164 )

කමිඳු ලබාගත් කඩුලු තුන ( වීඩීයෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button