මුම්බායි ඉන්දියන්ස් පිලේ නායකත්වය නැවතත් රෝහිත් ශර්මාට?? -
News

මුම්බායි ඉන්දියන්ස් පිලේ නායකත්වය නැවතත් රෝහිත් ශර්මාට??

මෙවර අයිපීඑල් තරගාවලිය සඳහා රෝහිත් ශර්මාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්කර හාර්ඩික් පාන්ඩියාව මුම්බායි කණ්ඩායමේ නායකත්වය පත් කරගත්තා. කෙසේ නමුත් මුම්බායි කණ්ඩායම තවමත් එක් තරගයක්වත් ජයග්‍රහණය කිරීමට සමත්වූයෙ නැ. මේ පරාජයන් තුනට අමතරව රෝහිත් ශර්මාව නායකත්වයෙන් ඉවත් කිරීම පිළිබඳ මුම්බායි ප්‍රේක්ෂකයන් නම් ඉන්නෙ එතරම් සතුටකින් නොමේ.
නායකත්වය හා තරග පරාජය ගැන කතාබහ වෙද්දී සහ රෝහිත් නැවත නායකත්වය පත්වෙයිද යන්නත් කතාබහ වෙද්දි ,ඉන්දිය හිටපු ක්‍රීඩක මනෝජ් තිවාරි CricBuzz වෙත පවසා තිබුනේ එය විය හැකියි ලෙසයි.

මොනවා උනත් මට තේරෙන දේ අනුව ෆ්‍රෑන්චයිස් අයිතිකරුවන් තීරණ ගන්න පැකිලෙන්නෙ නැ. ඔවුන් ඒක පටන් ගත්තේ රෝහිත්ගේ නායකත්වය හාර්ඩික්ට දීලා. ශූරතාවයන් පහක් දිනපු නායකයෙක් ඉවත්කරපු එක ලොකු තීරණයක්. දැන් ඔවුන් එක තරගයක්වත් දිනලා නැ ඒවගේම නායකත්වයත් දුර්වල වෙලා තිබෙනවා යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ තිවාරි පවසා තිබෙනවා.

හාර්ඩික් පාන්ඩියා ඉන්නේ පීඩනයක. රාජස්ථාන් කණ්ඩායමට එරෙහිව පන්දු නොයැවීම ඔහු පීඩනයක ඉන්න බවට ඉගියක්.
මට හිතෙනවා මේ අතරතුරදී ( මුම්බායි ඊලග තරගය අප්‍රේල් 07) හාර්ඩික්ගේ නායකත්වය නැවතත් රෝහිත් ශර්මට ලබාදෙයි කියලා. මනෝජ් තිවාරි CricBuzz වෙත තම අදහස එසේ පැවසීය.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button