ඔවුන්ගේ සැමරීම හරිම කම්මැලිසහගතයි – මුශ්ෆිකර් රහීම් -
Conference

ඔවුන්ගේ සැමරීම හරිම කම්මැලිසහගතයි – මුශ්ෆිකර් රහීම්

බංග්ලාදේශය සමඟින් පැවතී ටෙස්ට් තරඟාවලිය ශ්‍රී ලංකාව තරඟ 2-0ක් ලෙස ජයග්‍රහණය කළ අතර, තරඟාවලිය අවසානයෙන් පසු මුශ්ෆිකර් රහීම් බංග්ලාදේශය යූටියුබ් නාලිකාවකට ටෙස්ට් තරඟාවලිය සම්බන්ධව අදහස් දක්වා තිබුණා.

තරඟාවලිය අවසානයේ ශ්‍රී ලංකාව නිහඬව තරඟාවලි ජයග්‍රහණය සැමරීම සම්බන්ධයෙන් මුශ්ෆිකර් රහීම් පවසා ඇත්තේ, ඔවුන්ගේ සැමරීම කම්මැලිසහගත බවයි.

ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් මුශ්ෆිකර් රහීම් හට මෙම තරඟාවලිය ක්‍රීඩාකිරීමට නොහැකි වූ අතර, ඔහු පැවසූවේ ඔහුට ක්‍රීඩා කිරීමට හැකිවූවානම්, එක්දින තරඟාවලිය මෙන් තරඟාවලි ජයක් සමරන ආකාරය නැවතත් ඔවුන්ට පෙන්වා දෙන්න තිබුණා බවට යි.

අපි හොඳින් එක්දින තරඟාවලිය ජයග්‍රහණය කරලා ඔවුන්ට පෙන්නුවා අපි ඔවුන්ට වඩා ඉහළින් සිටිනවා කියලා. අවාසනාවකට මගේ ඇගිල්ලේ ආබාධයක් වුණ නිසා මට ටෙස්ට් තරඟාවලිය ක්‍රීඩා කරන්න බැරිවුණා, මට එම තරඟාවලියේ ක්‍රීඩා කරන්න හැකිවුණානම් අපි නැවතත් ඔවුන්ට තරඟාවලි ජයක් සමරන ආකරය පෙන්නනවා.

එහිදී, ඔබ ක්‍රීඩා කළානම් බංග්ලාදේශය අනිවාර්යයෙන්ම තරඟාවලිය ජයග්‍රහණය කරන බව පවසන්නේ කෙසේද? යන්න ඇසූ ප්‍රශ්නයට මුශ්ෆිකර් රහීම් පිළිතුරු ලබාදුන්නේ මෙලෙසින්,

“මම තමා ලෝකෙන්ම වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයක් ලබාගෙන ඇති කඩුලු රකින්නා. මම ශ්‍රී ලංකාවට එරෙහිවත් ද්විත්ව ශතකයක් ලබාගෙන තිබෙනවා. මම ඔවුන්ට එරෙහිව හැමදාමත් ලකුණු ලබාගන්න ක්‍රීඩකයෙක්. ඒ නිසා මමත් ක්‍රීඩා කරානම් අපිට තරඟාවලිය ජයගන්න හොඳ අවස්ථාවක් තිබුණා..

මේ වන විට ටෙස්ට් පිටියේ වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයක් ලබාගෙන ඇති කඩුලු රකින්නා මුශ්ෆිකර් රහීම් >>> සම්පූර්ණ විස්තරය මෙතනින් බලන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button