වැඩිම ද්විත්ව ශතකය ප්‍රමාණයක් හිමි කඩුලු රකින්නා මුශ්ෆිකර් රහීම්. -
Records

වැඩිම ද්විත්ව ශතකය ප්‍රමාණයක් හිමි කඩුලු රකින්නා මුශ්ෆිකර් රහීම්.

වසර 147 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු රකින්නෙකු ලෙස ටෙස්ට් ද්විත්ව ශතක රැස් කර ඇත්තේ ක්‍රීඩකයින් 09 දෙනෙකු පමණයි. ඉන් ද්විත්ව ශතක 02 ක් රැස් කර ඇත්තේ එකම එක් ක්‍රීඩකයෙක් පමණයි. ඒ බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුස්ෆිකර් රහිම්.

මුස්ෆිකර් රහීම් 2013 වසරේදී ශ්‍රි ලංකාවට එරෙහිව දිවිත්ව ශතකයක් හා 2018 වසරේ සිම්බාබ්වේට එරෙහිව මිර්පූර් හිදී ද්විත්ව ශතකයක් රැස් කරගනිමින් මෙම වාර්තාවට හිමිකම් කියනු ලබනවා.

ඔහුට අමතරව කඩුලු රකින්නෙකු ලෙස ටෙස්ට් ද්විත්ව ශතක වාර්තා කල අනෙක් පිතිකරුවන් 08 දෙනා වන්නේ,

1) ඇන්ඩි ෆ්ලවර් – 232* ඉන්දියාවට එරෙහිව
2) කුමාර් සංගක්කාර – 230 පකිස්තානට එරෙහිව
3) MS දෝණි – 224 ඕස්ට්‍රේලියාව එරෙහිව්
4) තස්ලිම් අරීෆ් – 210* ඕස්ට්‍රේලියාවට එරෙහිව
5) ඉමිතියාස් අහම්ඩ් – 209 නවසීලන්තයට එරෙහිව
6) BJ වොට්ලින් – 205 එංගලන්තයට එරෙහිව
7) ඇඩම් ගිල්ක්‍රිස්ට් – 204* දකුණු අප්‍රිකාවට එරෙහිව
8) බ්‍රෙන්ඩන් කුරුප්පු – 201* නවසීලන්තයට එරෙහිව

කුමාර් සංගක්කාර ටෙස්ට් ද්විත්ව ශතක 11ක් රැස්කරගෙන ඇති නමුත්, ඉන් කඩුලු රකින්නෙකු වශයෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස්කරගෙන ඇත්තේ එක් අවස්ථාවකදී පමණයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button