ශ්‍රී ලංකාව පලමු වතාවට T20 ලෝක කුසලානයක් දිනාගෙන අදට වසර 10යි. -
All News

ශ්‍රී ලංකාව පලමු වතාවට T20 ලෝක කුසලානයක් දිනාගෙන අදට වසර 10යි.

(ජයග්‍රහණය කළ මොහොත වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) 2014 පැවතී විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ඉන්දියාවට එරෙහිව කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කරගනිමින් පලමු වතාවට ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනාගෙන අදට වසර 10ක් ගතවෙනවා.

තරඟාවලියේ පලමු තරඟ කිහිපය දිනේශ් චන්දිමාල් නායකත්වය දැරූ අතර අවසන් මහා තරඟය ඇතුළුව අවසන් තරඟ කිහිපය නායකත්වය දැරුවේ ලසිත් මාලිංග යි.

මීට පෙර 2009 හා 2012 වර්ෂ වලදි ද ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලි වලදී අවසන් මහා තරඟය ක්‍රීඩා කර ඇති නමුත්, පකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් හමුවේ පරාජයට පත්වීමට සිදුවිය.

ශ්‍රී ලංකාව අවසන් මහා තරඟය ජයග්‍රහණය කළ මොහොත වීඩියෝව,

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button