චමරි අතපත්තු ක්‍රිකට් පිටියට සමුදෙයි ?? -
News

චමරි අතපත්තු ක්‍රිකට් පිටියට සමුදෙයි ??

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සූදානමින් පසුවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඉඟි පලකර තිබෙනවා.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට, දකුණු අප්‍රිකාවට එරෙහිව තරඟාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

එම තරඟාවලිය ජයග්‍රහණයෙන් අනතුරුව ඇය ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ පෝස්ට් එකක් පලකරමින් සඳහන් කර තිබුනේ ඇය මව්රට වෙනුවෙන් ඉටුකළ අවසන් කාර්ය ලෙසයි.

ඉන් පසුව නැවත වරක් ෆේස්බුක්හි පෝස්ටුවක් පලකරමින් ඇය මෙලෙසින් පවසා සිටියා.

” සමහර තීරණ ගොඩක් අසීරුයි. නමුත් ජීවිතයේ සමහර අවස්තාවල එවැනි අසීරු තීරණ ගැනීමට අපට සිදුවෙනවා.”

එම පෝස්ටුව පහතින් (ss)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button