තරඟ තුනක පරාජයකින් අනතුරුව මුම්බායි පළමු ජය වාර්තා කරයි.. -
IPLLeague

තරඟ තුනක පරාජයකින් අනතුරුව මුම්බායි පළමු ජය වාර්තා කරයි..

(වීඩියෝව පහතින් නැරඹිය හැකියි) මෙවර IPL තරඟාවලියේ 20 වන තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර අද (07) පැවැත්වුණා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ලකුණු 29 කින් පරාජයට පත්කරමින් මෙවර තරඟාවලියේ පළමු ජය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුනා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 234-5 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වුණා. මුම්බායි ඉනිම වෙනුවෙන් රොහිට් ශර්මා පන්දු 27 කින් ලකුණු 49 ක් රැස්කළ අතර ඉශාන් ක්‍රිශාන් පන්දු 23 කින් ලකුණු 42 ක් වාර්තා කළා.

මුම්බායි ඉනිමේ අවසන් පන්දුවාර පහ තුළ වේගවත් ප්‍රහාරයක් දියත්කරමින් ලකුණු 96 ක් ලබාගැනීමට ටිම් ඩේවිඩ් සහ රොමාරියෝ ශෙෆර්ඩ් සමත්වුණා. ටිම් ඩේවිඩ් පන්දු 21 කින් නොදැවී ලකුණු 45 ක් වාර්තා කළ අතර රොමාරියෝ ශෙෆර්ඩ් පන්දු 10 කින් නොදැවී ලකුණු 39 ක් රැස්කළා.

ඇන්රිච් නොකීයා යොමුකළ තරඟයේ 20 වන පන්දුවාරයේදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 32 ක් උදුරාගැනීමට රොමාරියෝ ශෙෆර්ඩ් සමත්වුණා. ( එම අවස්තාව මෙතනින් නරඹන්න – Link )

ලකුණු 235 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ ලකුණු 205 ක් පමණයි. දිල්ලි ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ප්‍රීතිව් ශෝ ලකුණු 66 ක් වාර්තා කළ අතර සුපිරි යෝකර් පන්දුවකින් ඔහුගේ ඉනිම නිමාකිරීමට ජස්ප්‍රිට් බුම්රා සමත්වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි ) දිල්ලි ඉනිම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් දියත්කිරීමට ට්‍රස්ටන් ස්ටුබ්ස් වේගවත් ඉනිමක් දියත්කළ අතර ඔහු පන්දු 25 කින් නොදැවී ලකුණු 71 ක් රැස්කළා. මුම්බායි කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දුයැවීමක නිරතවූ ජෙරල්ඩ් කොට්සියා ලකුණු 34 කට කඩුලු 4 ක් බිඳදැමුවා.

ප්‍රීතිව් ශෝගේ ඉනිම නිමාකළ බුම්රාගේ යෝකර් පන්දුව (වීඩියෝව)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button