නොර්ට්ජේගේ යොමුකළ අවසන් පන්දුවාරයට ලකුණු 32 ක්.. -
IPLLeague

නොර්ට්ජේගේ යොමුකළ අවසන් පන්දුවාරයට ලකුණු 32 ක්..

(වීඩියෝව පහතින් නැරඹිය හැකියි) මෙවර IPL තරඟාවලියේ 20 වන තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර අද (07) ආරම්භ වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 234-5 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වුණා. මුම්බායි ඉනිම වෙනුවෙන් රොහිට් ශර්මා පන්දු 27 කින් ලකුණු 49 ක් රැස්කළ අතර ඉශාන් ක්‍රිශාන් පන්දු 23 කින් ලකුණු 42 ක් වාර්තා කළා.

මුම්බායි ඉනිමේ අවසන් පන්දුවාර පහ තුළ වේගවත් ප්‍රහාරයක් දියත්කරමින් ලකුණු 96 ක් ලබාගැනීමට ටිම් ඩේවිඩ් සහ රොමාරියෝ ශෙෆර්ඩ් සමත්වුණා. ටිම් ඩේවිඩ් පන්දු 21 කින් නොදැවී ලකුණු 45 ක් වාර්තා කළ අතර රොමාරියෝ ශෙෆර්ඩ් පන්දු 10 කින් නොදැවී ලකුණු 39 ක් රැස්කළා.

ඇන්රිච් නොර්ට්ජේ යොමුකළ තරඟයේ 20 වන පන්දුවාරයේදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 32 ක් උදුරාගැනීමට රොමාරියෝ ශෙෆර්ඩ් සමත්වුණා.

වීඩියෝව

එහිදී කේන් විලියම්සන් දවාගැනීමට රවී බිශ්නෝයි රැකගත් විශිෂ්ඨ උඩපන්දු රැකීම වීඩියෝ එක මෙතනින් බලන්න >>> Click

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button