පාකිස්තානයට අපි යන්නෙ නෑ.. – ඉන්දීය ක්‍රීඩා ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් -
News

පාකිස්තානයට අපි යන්නෙ නෑ.. – ඉන්දීය ක්‍රීඩා ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ICC එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම සිටින කණ්ඩායම් 08 තරඟ කරන 2025 ICC Champions Trophy තරඟාවලිය පාකිස්තානයේ සත්කාරකත්වයෙන් 2025 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවල
පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලන අර්බුද හේතුවෙන් මෙම තරඟාවලියේදී ඉන්දියාවේ සහභාගීත්වය අවිනිශ්චිත තත්වයකට පත්වී තිබෙනවා. ඉන්දීය හිටපු ක්‍රීඩකයින් ඇතුලු ඉන්දීය ක්‍රිකට් බලධාරීන් අවස්තා කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම, පාකිස්තානයට යාමට සූදානම් නොමැති බව ප්‍රකාශ කර සිටියා.

එවැනි පසුබිමක් පවතින අවස්තාවකදී ඉන්දීය ක්‍රීඩා අමාත්‍ය Anurag Thakur මහතා අවධාරණය කර සිටියේ ඉන්දියාව, පාකිස්තානය වෙත නොයනු ඇති බවයි.

” 2025 ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් ඉන්දියාව පාකිස්තානයට සංචාරය නොකරාවි ” ඔහු මෙලෙසින් ප්‍රකාශ කර තිබෙනවා.

යම් හෙයකින් ඉන්දියාව මෙම තරඟාවලිය සඳහා සහභාගී නොවුනහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට 2025 ශූරයන්ගේ කුසලානයට සහභාගී වීමට අවස්තාවක් උදාවීමට ඉඩ ඇති බවද වාර්තා වෙනවා. 2025 ශූරයන්ගේ කුසලානය සඳහා ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබාගැනීමට නොහැකිවුණේ ICC එක්දින ශේණිගත කිරීම්වල පසුබෑමකට ලක්වීම හේතුවෙන්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button