මම තාම විශ්‍රාම ගැනීමක් ගැන තීරණය කරලා නැහැ – චමරි අතපත්තු -
News

මම තාම විශ්‍රාම ගැනීමක් ගැන තීරණය කරලා නැහැ – චමරි අතපත්තු

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක චමරි අතපත්තු එළබෙන පන්දුවාර 20 සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් පසු තම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අනාගතය ගැන තීරණයක් ගනු ඇති බව වාර්තා වනවා.

හෙටින්(09) ආරම්භ වන ශ්‍රී ලංකා- දකුණු අප්‍රිකා එක්දින තරගාවලියට සහභාගී වී සිටින චමරි මාධ්‍ය වෙත පවසා තිබුනේ ” මම තාම විශ්‍රාම ගැනීමක් ගැන තීරණය කරලා නැහැ. අපිට ඒක පස්සෙ කතා කරන්න පුලුවන්. මම මේ වෙලාවේ අවධානය දෙන්නෙ මෙම එක්දින තරගාවලිය සහ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ගැන. අපි ඒ ගැන අනාගතයේ බලමු. ” යන්නයි.

34 හැවිරිදි චමරි අතපත්තු දැන් පැවැත්වෙන දකුණු අප්‍රිකා තරගාවලියේදී තම සියවන එක්දින තරගය ක්‍රීඩාකිරීමට නියමිතයි. කෙසේ නමුත් ඇයගේ විශ්‍රාම ගැනීම ගැන අවධානයට ලක්වූයේ ඇය ෆේස්බුක් වෙත තබා තිබූ සටහන් දෙකක් හෙතුවෙන්.

අප්‍රේල් 25 වන දා ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමෙ වටය අවසන් වන තෙක් චමරි කණ්ඩායමේ සිටින බව ඇය තහවුරු කොට තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම තරගාවලියෙ සිටින කාණ්ඩයේ අනෙකුත් රටවල් වන්නේ තායිලන්තය, ස්කොට්ලන්තය, උගන්ඩාව හා ඇමරිකාවයි.

මෙවර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන ගමන ගැන තව දුරටත් අදහස් දැක්වූ චමරි පවසා සිටියේ ” මට මගේ කණ්ඩායම ගැන හොදටම විශ්වාසයි. අපි මේවන තෙක් ඉතාමත් හොදින් ක්‍රීඩාකර තිබෙනවා. නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තත්වය වෙනස්. ඒහෙ පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍යයි. හැම කණ්ඩායමක්ම සුදුසුකම් ලැබිමේ වටයට යන්නෙ ජයග්‍රහණය කරන්න. ඒ නිසා අපිට අපේ උපරිමයෙන් සෙල්ලම් කරන්න වෙනවා මෙම වටයේදි. මගේ පන්දු යැවීමේ බලඇණියත් පිතිකරණ බලඇණියත් ගැන මට ඉතාමත් විශ්වාසයි. ” යනුවෙනි.

තවදුරටත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතය ගැන අදහස් දැක්වූ චමරි ” මට ගොඩක් සතුටුයි අපේ තරුණ ක්‍රීඩිකාවෝ ගැන සහ ඔවුන් පිටියේදි පීඩනය මැනවින් හසුරුවන එක ගැන. විශේෂයෙන් විශ්මි , කවීෂා සහ හර්ෂිතා. ඔවුන් අවසාන මාස කීපයේ ඉතාමත් හොදින් ක්‍රීඩා කලා. අපි රටක් ලෙස සහ ක්‍රීඩකයන් ලෙස වෙහෙස මහන්සි වෙලා වැඩකලා. අපි දේශිය ක්‍රිකට් නැවත ප්‍රතිව්‍යුහගතකලා. අපි ලංකාවෙ දැන් ක්‍රිකට් ගොඩක් සෙල්ලම් කරනවා. අපි 19 න් පහල තරගාවලිය, 17 න් පහල තරගාවලිය, පළාත් තරගාවලි සහ ක්ලබ් තරගාවලි ආරම්භ කලා. ඒ නිසා දැන් හොද ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. දැන් ගොඩක් තරුණියන් ලංකාවෙ ක්‍රිකට් සෙල්ලම් කරනවා. මේව තමයි මගේ ධනාත්මක පැත්ත. ඒ වගේම මං බලාපොරොත්තු වෙනවා අපිට අනාගතයෙදි හොද කණ්ඩායමක් වෙන්න පුලුවන් කියලා.”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button