දවාන්ගේ කඩුල්ල ලබාගැනීමට ක්ලාසන්ගෙන් සුපිරි ස්ටම්ප් කිරීමක් (Video) -
Video

දවාන්ගේ කඩුල්ල ලබාගැනීමට ක්ලාසන්ගෙන් සුපිරි ස්ටම්ප් කිරීමක් (Video)

මෙවර IPL තරඟාවලියේ 23 වන තරඟය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 182 ක් රැස්කළා. සන්රයිසර්ස් ඉනිම වෙනුවෙන් හුදකලා ඉනිමක් ක්‍රීඩාකළ නිටීශ් රෙඩ්ඩී පන්දු 37 කින් ලකුණු 64 ක් රැස්කළා. පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ අර්ශදීප් සිං ලකුණු 29 කට කඩුලු 04 ක් බිඳදැමුවා.

ලකුණු 183 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පන්ජාබ් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට හයිද්‍රාබාද් පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නේ නෑ.

එහිදී පන්ජාබ් නායක ශිකර් ධවාන් දැවීගියේ ක්‍රිකට් පිටියේ විරල දැවීයාමකින්. බුවනේශ්වර් කුමාර් පැයට කි.මී 140 ට යොමුකළ පන්දුවකට පහරදීමට යාමේදී ධවාන් ස්ටම්ප් කිරීමකට ලක්වූ අතර මෙය සියල්ලන්ගේම අවධානය දිනාගත් සිදුවීමක් වුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

ශිකර් ධවාන් දැවීයාම ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button