අපි ඒ කාලෙ ගහපු ඒවායේ ඇරියස් තමා දැන් බංගලි කවර් කරන්නෙ – T.M. දිල්ශාන් -
Conference

අපි ඒ කාලෙ ගහපු ඒවායේ ඇරියස් තමා දැන් බංගලි කවර් කරන්නෙ – T.M. දිල්ශාන්

හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ රංගන ද සිල්වා යූටියුබ් නාලිකාවේ සිදුකළ වැඩසටහනකදී ව‍ර්තමාන බංග්ලාදේශ කණ්ඩායමේ හැසිරීම සහ කමිඳු මෙන්ඩිස් පිළිබඳව දිල්ශාන් අදහස් පලකළා.

ඔහු දැක්වූ අදහස් පහතින්..

” බංග්ලාදේශය එක්ක අපි ක්‍රීඩා කරපු කාලෙ එයාලට ලොකු ඇරියස් එකක් තියෙනවා මොකද ඒ දවස්වලා අපි ගනන්ගන්නෙවත් නැතුව එයාලව පරාජය කරන්නෙ. දැන් ඒගොල්ලො ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළට ඇවිල්ල දැන් අපිත් එක්ක ළංවෙලා තීන්නෙ. ඒ දවස්වල අපි එයාලට දාපු දේවල් තමා එයාල දැන් ඉන්න අයගෙන් ගන්න හදන්නෙ..”

” දැන් ඉන්න තරුණ ක්‍රීඩකයො ගොඩක් දක්ශයි. අපි දැක්ක ටෙස්ට් තරඟාවලියේදී හොඳින් ක්‍රීඩාකළා. විශේශයෙන් මතක් කරන්නෝනෙ කමිඳු මාත් එක්ක ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් Mass holding ආයතනයේදි. ඔහු අතිදක්ශ ක්‍රීඩකයෙක් මොකද ඔහුට අත්දෙකෙන්ම බෝල් කරන්න පුලුවන්. අලුත් තේරීම් කමිටුවට ස්තූති කරන්නෝනෙ මේ වගේ ක්‍රීඩකයො ගෙනැල්ල තැන දෙන එකට. දැන් ඉන්න කණ්ඩායම ගැන සතුටුයි නමුත් අපිට කාලයක් යනවා හොඳ කණ්ඩායම් එක්ක කරට කර තරඟ කරන්න. හොඳ සැලසුමක් එක්ක ඉස්සරහට ගියොත් අපිට ලේසියි ඒ දේ කරන්න.”

” මම හිතන්නෙ ෆෝමැට් තුනේම ක්‍රීඩාකරන ක්‍රීඩකයො ඉන්නඕනෙ. ෆෝමැට් තුනේම දස්කම් දක්වන ක්‍රීඩකයෙක් තමයි නායකත්වය දරන්නෝනෙ. එතකොට එක නායකයයි. දැන් වෙලා තීන්නෙ නායකයො තුන්දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් හිටියම ලේසියි මොකද එක ෆෝමැට් එකකට ගියාම එක නායකයෙක් එක්ක වැඩ කරන්නෝනෙ අයේ අරකට ගියාම තව නායකයෙක් එක්ක. මේ වැඩේ ලේසි නෑ මගේ පෞද්ගලික මතය එක නායකයෙක් ඉන්නෝනෙ ෆෝමැට් තුනටම ඉතිරි අවුරුදු හතර ක්‍රීඩාකරන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button