තියුණු තරඟයකින් අනතුරුව සන්රයිසර්ස් හයිද්‍රාබාද් සිය තෙවන ජය වාර්තා කරයි.. -
IPLLeague

තියුණු තරඟයකින් අනතුරුව සන්රයිසර්ස් හයිද්‍රාබාද් සිය තෙවන ජය වාර්තා කරයි..

(වීඩියෝව පහතින් නැරඹිය හැකියි) මෙවර IPL තරඟාවලියේ 23 වන තරඟය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණු අතර තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 02 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 182 ක් රැස්කළා. සන්රයිසර්ස් ඉනිම වෙනුවෙන් හුදකලා ඉනිමක් ක්‍රීඩාකළ නිටීශ් රෙඩ්ඩී පන්දු 37 කින් ලකුණු 64 ක් රැස්කළා. පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ අර්ශදීප් සිං ලකුණු 29 කට කඩුලු 04 ක් බිඳදැමුවා.

ලකුණු 183 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පන්ජාබ් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට හයිද්‍රාබාද් පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නේ නෑ.

එහිදී පන්ජාබ් නායක ශිකර් ධවාන් දැවීගියේ ක්‍රිකට් පිටියේ විරල දැවීයාමකින්. බුවනේශ්වර් කුමාර් පැයට කි.මී 140 ට යොමුකළ පන්දුවකට පහරදීමට යාමේදී ධවාන් ස්ටම්ප් කිරීමකට ලක්වූ අතර මෙය සියල්ලන්ගේම අවධානය දිනාගත් සිදුවීමක් වුණා. ( එම අවස්තාව මෙතනින් නරඹන්න –https://tinyurl.com/2s4yz66v )

පන්ජාබ් ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වුණත් ශසාන්ක් සිං සහ අන්තූශ් ශර්මා එක්ව පන්ජාබ් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයාමට ප්‍රභල සටනක් ලබාදුන්නා. වේගවත් ඉනිමක් දියත්කළ ශසාන්ක් සිං පන්දු 25 කින් නොදැවී ලකුණු 46 ක් රැස්කළ අතර අන්තූශ් ශර්මා පන්දු 15 කින් නොදැවී ලකුණු 33 ක් රැස්කළා.

ඔවුන් දෙදෙනා ජයදේව් උනඩ්කට් යොමුකළ අවසන් පන්දුවාරයේදී ලකුණු 26 ක් ලබාගැනීමට සමත්වුණේ හයේ පහරවල් තුනක්ද සමඟින්. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

ශසාන්ක් සිං සහ අන්තූශ් ශර්මා මුහුණදුන් උනඩ්කට්ගේ අවසන් පන්දුවාරය ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button