විශ්‍රාම ගිය ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ UAE ක්‍රීඩකයෙක්ද සමඟින් පාකිස්තානයෙන් ප්‍රභල විස්සයි විස්ස සංචිතයක්.. -
News

විශ්‍රාම ගිය ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ UAE ක්‍රීඩකයෙක්ද සමඟින් පාකිස්තානයෙන් ප්‍රභල විස්සයි විස්ස සංචිතයක්..

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයද ඉලක්ක කරගනිමින් නවසීලන්තයට සමඟ පැවැත්වෙන තරඟ පහකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් පාකිස්තාන විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා.

ශශීන් ශා අෆ්රිඩි වෙනුවට නායකයා ලෙස නම්කළ බාබර් අසාම්ට මෙම සංචිතයේ නායකත්වය හිමිවී ඇති අතර පෙර දැනුම්දුන් පරිදිම ජාත්‍යන්තර පිටියට සමුදුන් සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් සහ තුන්ඉරියව් ක්‍රීඩක ඉමාද් වසීම් මෙම සංචිතයට කැඳවා තිබෙනවා.

මීට අමතරව පාකිස්තානයේ උපත ලද එක්සත් අරාබී එමීර් ක්‍රීඩකයෙකු වන උස්මාන් ඛාන්ද මෙම සංචිතයට නම්කර තිබීම විශේශත්වයක්. ඔහු නිමාවූ පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියටද විදෙස් ක්‍රීඩකයෙකු ලෙස එක්වූ අතර තරඟාවලියේ දෙවන වැඩිම ලකුණුලාභියා බවට පත්වීමටද ඔහුට හැකිවුණා.

නවසීලන්ත – පාකිස්තාන විස්සයි විස්ස තරඟාවලිය එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිතයි.

නවසීලන්තයට එරෙහිව නම්කළ පාකිස්තාන සංචිතය පහතින්..

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button