ජස්ප්‍රිට් මුම්රාගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්. -
IPLLeague

ජස්ප්‍රිට් මුම්රාගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකියි) මෙවර IPL තරඟාවලියේ 25 වන තරඟය ලෙස පැවැත්වෙන රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරඟයේදී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 196ක් ලබාගැනීමට සමත්වුණා.

රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් ඉනිම ආරම්භයේදීම ලකුණු අතර සිටි විරාට් කෝලි ලකුණු 3කට දැවීගිය අතර, නායක ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 40කදී ලකුණු 61ක් ලබාගැනීමට සමත්වුණා.

ඊට අමතරව Rajat Patidar හා Dinesh Karthik ද වේගවත් ඉනිම් ක්‍රීඩා කරමින් අර්ධ ශතක වාර්තාකර ගැනීමට සමත්වූ අතර, ඔවුන් දෙදෙනා ලබාගත් ලකුණු සංඛ්‍යාවන් පිළිවෙලින් 50ක් හා 53ක්.

මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට ජස්ප්‍රිට් බුම්රා පන්දුවාර 4 අවසානයේදී ලකුණු 21කට කඩුලු 5ක් බිඳ දැමීමට සමත්වූණා. එහිදී බුම්රා විසින් දවාගනු ලැබුයේ විරාට් කෝලි , ෆෆ් ඩු ප්ලෙසිස් , Mahipal Lomror, Saurav Chauhan හා Vijaykumar Vyshak වේ.

වීඩියෝ එක මෙන්න

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button