ප්‍රසිද්ධ ක්‍රිකට් විනිසුරුවරයාගේ වගාවට අහුව්වෙන්න එපා – මහබැංකු අධිපති නන්දලාල් -
All News

ප්‍රසිද්ධ ක්‍රිකට් විනිසුරුවරයාගේ වගාවට අහුව්වෙන්න එපා – මහබැංකු අධිපති නන්දලාල්

හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ වර්තමානයේ ජාත්‍යන්තර විනිසුරු වරයෙක් විසින් කරගෙන යන බව කියන වගාවකට සහ තවත් එවැනි ව්‍යාජ තැන්වල මුදල් ආයෝජනය නොකරන ලෙස මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මුදල් ආයෝජන භාරගත හැක්කේ මහබැංකුවේ ලියාපදිංචි ආයතනවලට පමණක් බවද ඒ මහතා අවධාරණය කරයි.

මෙවැනි විවිධ විවිධ ක්‍රම හරහා ඇතැම් ව්‍යාජ ආයතන තැන්පතු භාරගන්නේ නම් මහ බැංකුවට හෝ පොලීසියට ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසද මහබැංකු අධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා. එම නිසා මහ බැංකුවේ ලියාපදිංචි නැති කිසිම ආයතනයක හෝ වගා ඇතුලු විවිධ ව්‍යාජ තැන්වල මුදල් තැන්පත් කිරීමෙන් වැළකී සිටීමට ජනතාව වගාබලාගත යුතු බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

( මෙම තොරතුරු මෙරට ජාතික පුවත්පතකින් උපුටා ගන්නා ලදී )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button