2025 වසර අවසානය තෙක් ICC තරඟාවලි වල විකාශන අයිතිය එක් මාධ්‍ය ජාලයකට. -
All News

2025 වසර අවසානය තෙක් ICC තරඟාවලි වල විකාශන අයිතිය එක් මාධ්‍ය ජාලයකට.

ශ්‍රී ලංකාව තුළ 2025 වසර අවසන් වනතෙක් අයිසීසි තරගාවලිවල විකාශන අයිතිය MTV මාධ්‍යය ජාලය වෙත ලබාදුන් බව අයිසීසීය අද(12) නිවේදනය කරනු ලැබුවා.

MTV මාධ්‍ය ජාලයේ නොමිලේ නැරඹිය හැකි නාලිකා ලෙස TV1 , ශක්ති ටීවී හා සිරස ටීවී අන්තර්ගතයි. එමෙන්ම ඩිජිටල් විකාශනය www.sirasatv.lk සහ icc.tv මගින් රසිකයින්ට ඉදිරි වසර දෙක අවසන්වන තෙක් අයිසීසි ලෝක තරගාවලි නැරඹිය හැකිවනු ඇත.

නැරඹිය හැකි තරගාවලි වනුයේ 2024 ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය, 2024 ICC විස්සයි විස්ස කාන්තා කුසලාන තරගාවලිය, 2025 පැවැත්වෙන 19 න් පහල කාන්තා විස්සයි විස්ස තරගාවලිය, 2025 පැවැත්වෙන අයිසීසී ශූරයන්ගේ කුසලානය, අයිසිසි ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය සහ 2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button