T20I පිටියේ පන්දුවාරයකට හයේ පහර 6ක් එල්ල කළ ලොව 3වන ක්‍රීඩකයා නෙපාලයෙන් -
Video

T20I පිටියේ පන්දුවාරයකට හයේ පහර 6ක් එල්ල කළ ලොව 3වන ක්‍රීඩකයා නෙපාලයෙන්

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ එක් පන්දුවාරයකදී හයේ පහර හයක් එල්ල කළ ලොව තෙවන ක්‍රීඩකයා බවට පත්වීමට නේපාල ක්‍රීඩක Dependra Singh Airee සමත්වුණා.

ඒ ආසියානු ක්‍රිකට් කවුන්සලය මඟින් සංවිධානය කළ T20 ප්‍රීමියර් කුසලාන තරඟාවලියේදී කටාර් කණ්ඩායමට එරෙහිව තරඟයේ 20 වන පන්දුවාරයට හයේ පහර හයක් එල්ල කරමින්.

මීට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ එම දස්කම දක්වා තිබුණේ ඉන්දීය ක්‍රීඩක යුවරාජ් සිං සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කීරන් පොලාර්ඩ් යන ක්‍රීඩකයන් දෙදෙනායි.

Dependra Singh Airee එල්ල කළ හයේ පහර හය ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button