RCB වල රසිකයෝ නම් අතිවිශිෂ්ටයි – දිනේශ් කාර්තික් -
IPLLeague

RCB වල රසිකයෝ නම් අතිවිශිෂ්ටයි – දිනේශ් කාර්තික්

ඉන්දිය කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් පසුගියදා රවිචන්ද්‍රන් අශ්වින් සමගින් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුනා. එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ රසික පිරිස ගැන අශ්වින් නැගූ පැනයකට කාර්තික් පිළිතුරු දුන්නේ මෙසේයි.

RCB රසිකයෝ පක්ෂපාතියි. ඒ ගොල්ලො ඇත්තටම පවුලක් හැබැයි මන් ඒක කියන්නෙ හොද විදිහටයි නරක විදිහටයි. හොද විදිහ තමයි මොන දේ උනත් මම පිටිය මැදට ගියා නම් ඒ ගොල්ලො මගේ නම කියලා දිරිගන්වනවා. මාව මේ ලෝකෙ ඉන්න විශිෂ්ටතම ක්‍රීඩකය කියන හැගීම ලබාදෙනවා. මම කියන්නෙ පිටස්තර ලෝකයත් එක්ක ඒගොල්ලො ඔබව අතඇරලා යන්නෙ නෑ. මොකක් හරි කණ්ඩායමක රසිකයෙක් ඇවිල්ලා කිව්වොත් දිනේෂ් කියන්නෙ හොද ක්‍රීඩකයෙක් නොමේ කියලා ඔවුන් ඒ රසිකයව තියන එකක් නැ. ඔවුන් එහෙම කරන්නෙ මේ ක්‍රිඩකයට මේ රෙකෝඩ් එක තියෙනවා ඔහු මේ දෙවල් කරලා තිබෙනවා වගේ ඔප්පු කරලා.

හැබැයි පෞද්ගලිකව ගත්තොත් අපි වෙනුවෙන් පෙනී හිටපු ඒ RCB රසිකයාම හොර රහසේ අපේ පෞද්ගලික පණිවිඩ ලැයිස්තුවේ අපිට බනිනවා හැමදාම. මම RCB වෙනුවෙන් හොදට සෙල්ලම් කලේ නැත්තම් ඔහු තවත් බනිනවා. මට විතරක් නොමේ මගේ පවුලේ අයට නැත්තම් මගේ ජීවිතයට සම්බන්ද කෙනෙක්ට හරි බනිනවා. හැබැයි පිටත ලෝකයත් එක්ක නම් ඔවුන් RCB ක්‍රීඩකයෝ වෙනුවෙන් පෙනී ඉන්නවා. කොයි වෙලේවත් අතඅරින්නෙ නම් නෑ. ඒක ඉතාමත් විශේෂයි. වසර 16 ක් තිස්සෙ තරග කරන කණ්ඩායමකට ඉන්න රසික පිරිස ඉතාමත් විශිෂ්ටයි.

RCB වලට ඉන්න ප්‍රේක්ෂකයෝ ගැන හිතාගන්නවත්ත බැ. මම මෙහෙම කියන්නෙ මම ගොඩක් කණ්ඩායම් වලට සෙල්ලම් කරලා තිබෙනවා. ඒ හැම කණ්ඩායමකටම රසිකයෝ ඉන්නවා. ඒ උනත් RCB වල රසිකයෝ නම් අතිවිශිෂ්ටයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button