මෙවර තරඟාවලියේ දිගම හයේ පහර දිනේශ් කාර්තික්ගෙන් -
IPLLeague

මෙවර තරඟාවලියේ දිගම හයේ පහර දිනේශ් කාර්තික්ගෙන්

(වීඩියෝ එක පහලින් නැරඹිය හැකිය) මෙවර තරඟාවලියේ 30 වන තරඟය ලෙස පැවතී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවතී තරඟයෙන් ලකුණු 25ක ජයක් වාර්තාකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුණා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලබාදුන් ලකුණු 288ක දැවැන්ත ඉලක්කය හඹායෑමේදී, රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩක දිනේශ් කාර්තික් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ අතර ඔහු පන්දු 35කදී හතරේ පහර 5ක් හා හයේ පහර 7ක් සමඟින් ලකුණු 83ක් ලබාගත්තා.

එහිදී, ඔහු මෙවර IPL තරඟාවලියේ දැවැන්තතම හයේ පහර එල්ල කිරීමට සමත්වූ අතර එහි දිග මීටර් 108ක්. මීට පෙර දිගට හයේ පහර එල්ල කර තිබුණේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රීඩක හෙන්රි ක්ලාසන් වේ. එම හයේ පහර ද මෙම තරඟයේදී වීම විශේෂත්වයක්.

කාර්තික් එල්ල කරන ලද 108m දිග හයේ පහර වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button