චමරිගේ වාර්තාගත ඉනිමට ශ්‍රී ලංකා ක්‍රිකට් විශිෂ්ටයින්ගෙන් සුභපැතුම්.. -
All News

චමරිගේ වාර්තාගත ඉනිමට ශ්‍රී ලංකා ක්‍රිකට් විශිෂ්ටයින්ගෙන් සුභපැතුම්..

දකුණු අප්‍රිකාවට එරෙහි තෙවන එක්දින තරඟයේදී වාර්තාගත ඉනිමක් දියත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට චමරි අතපත්තු සමත්වුණේ නොදැවී ලකුණු 195 ක් වාර්තා කරමින්.

ර්‍එය වාර්තා අතරට එක්වුණේ කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වූ තෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. එලෙසම කාන්තා එක්දින තරඟ ඉතිහාසයේ හඹායාමකදී වාර්තා වූ හොඳම ඉනිම ලෙසින්ද චමරිගේ ඉනිම වාර්තා අතරට එක්වුණා.

චමරිගේ වාර්තා ගත ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු හට දුරකතන ඇමතුමක් ලබාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුභපැතුම් එක්කර තිබුණා.

ඊට අමතරව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විශිෂ්ටයින් රැසක්ද ඇය වෙනුවෙන් සුභපැතුම් එක්කළ තිබුණේ මෙලෙසින්..

කුමාර් සංගක්කාර

මහේල ජයවර්ධන

ලසිත් මාලිංග

සනත් ජයසූරිය

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button