චමරි අතපත්තුගේ වාර්තාගත ඉනිම (Video) -
News

චමරි අතපත්තුගේ වාර්තාගත ඉනිම (Video)

(වීඩියෝ එක පහළින් නරඹන්න) දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟින් පැවතී තුන්වන එක්දින තරඟයේදී වාර්තාගත ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (18) සමත්වුණා. තරඟයේ පලමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු ප්‍රමාණය ලකුණු 301ක්.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා නායිකාව වන Laura Wolvaardt පන්දු 147කදී හතරේ පහර 23ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 184ක් ලබාගැනීමට සමත්වුණා.

ලකුණු 302ක ඉලක්කයක් හඹාගොස් ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් ලබාගත්තේ පන්දු 139කට පමණක් මුහුණදෙමින්. ඔහුගේ ඉනිමට හතරේ පහර 26ක් හා හයේ පහර 5ක් ඇතුළත් වුණා.

චමරි අතපත්තුගේ විශිෂ්ඨ ඉනිම වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button