දිනයක් කියන්න බෑ.. මගේ සමුගැනීම ඉතාමත් ඉක්මනින් සිදුවේවි – චමරි අතපත්තු -
All News

දිනයක් කියන්න බෑ.. මගේ සමුගැනීම ඉතාමත් ඉක්මනින් සිදුවේවි – චමරි අතපත්තු

දකුණු අප්‍රිකාවට එරෙහිව තෙවන එක්දින තරඟයේදී වාර්තා රැසක් අලුත්කරමින් වාර්තාගත ඉනිමක් දියත්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයාමට චමරි අතපත්තු සමත්වුණා.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී සිය සමුගෑනිම පිළිබඳව චමරි අදහස් පලකළා. ඇය දැක්වූ අදහස් පහතින්..

පසුගිය වසර 15 හ තුළ මම ගොඩක් මහන්සීවී ක්‍රීඩිකාවක් ලෙස ජයග්‍රහණය ලබාගෙන තිබුණත් නායිකාවක් ලෙස මට තවත් දේවල් කිරීමට අවශ්‍යයි. මට මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේදී මගේ කණ්ඩායම දැකීමට අවශ්‍යයි. එයයි මගේ ප්‍රාර්තනාව. එය අපිට පහසු දෙයක් නෙමෙයි කියලා මම දන්නවා. සෑම කණ්ඩායමක්ම ඉතාමත් දක්ශයි. අපි එක් එක් තරඟයට අවධානය දීල ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා.

මම ක්‍රීඩාවෙන් සමුගැනීම ඉතාමත් ඉක්මනින් සිදුවේවි. මට නිසි දිනයක් සඳහන් කරන්න බැහැ. දැනට මම නිතරම තරුණ ක්‍රීඩිකාවන් ගැන සොයා බලනවා. මම මගේ තරුණ කණ්ඩායම ගැන ආඩම්බර වෙනවා..”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button