වසර 03 යි මාස 08 කට පසුව සුපිරි පන්දුයවන්නාගෙන් සුපිරි ආගමනයක්. -
Video

වසර 03 යි මාස 08 කට පසුව සුපිරි පන්දුයවන්නාගෙන් සුපිරි ආගමනයක්.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ තරඟ 05 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය අද (20) පැවැත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 90 ක් පමණයි.

වසර තුනයි මාස 08 කට පසුව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් විශිෂ්ට පන්දුයැවීමක නිරත වෙමින් ඔහු ක්‍රියාත්මක කළ පන්දුවාර තුන තුළ ලකුණු 13 කට කඩුලු දෙකක් බිඳදැමීමට සමත්වුණා. ( අමීර් දවාගත් කඩුලු ද්විත්වය පහතින් නැරඹිය හැකියි )

ලකුණු 91 ක පහසු ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි පාකිස්තානය කඩුලු 03 ක් පමණක් දැවී එම ඉලක්කය පහසුවෙන් හඹායමින් කඩුලු 07 ක ජයක් වාර්තා කළා.

මොහොමඩ් අමීර් දවාගත් කඩුලු ද්විත්වය ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button