තියුණු තරඟයක් අවසානයේදී KKR කණ්ඩායමට එක් ලකුණක ජයක්. -
IPLLeague

තියුණු තරඟයක් අවසානයේදී KKR කණ්ඩායමට එක් ලකුණක ජයක්.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) මෙවර IPL තරඟාවලියේ 36 වන තරඟය ලෙස පැවතී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරඟයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තාකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පලමුව පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 222ක් රැස්කර ගත් අතර, නායක Shreyas Iyer ලකුණු 50ක් හා Phil Salt වේගවත් ලකුණු 48ක් ලබාගැනීමට සමත්වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට නියනිත පන්දුවාර 20 අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 221ක් පමණයි. RCB වෙනුවෙන් Will Jacks ලකුණු 55ක් හා Rajat patidar ලකුණු 52ක් ලබාගත්තා.

තරඟය ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයට RCB කණ්ඩායමට ලකුණු 21ක් අවශ්‍යව තිබූ මොහොතේ, එම පන්දුවාරයේ පලමු පන්දු 4ට හයේ පහර 3ක් එල්ලකළ Karn Sharma, 5 වන පන්දුවේදී දැවීගිය අතර අවසන් පන්දුවට ලබාගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණයි.

අවසන් පන්දුවාරය වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button