ෆර්ගසන්ගේ පන්දුවාරයකට ලකුණු 28ක් (video) -
All News

ෆර්ගසන්ගේ පන්දුවාරයකට ලකුණු 28ක් (video)

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 36 වන තරඟය ලෙස රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරඟය මේ වන ව්ට පැවැත්වෙනවා.

තරඟයේ පලමුව පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 222ක් රැස්කර ගැනීමට සමත්වුණා.

එහිදී වැඩිම ලකුණු ලාභියා වූ නායක Shreyas Iyer පන්දු 35කදී හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබාගත් අතර, වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Phil Salt පන්දු 14කදී ලකුණු 48ක් රැස්කර ගැනීමට සමත්වුණා.

ඉනිමෙ 4 වන පන්දුවාරය ක්‍රියාත්මක කළ ලොකී ෆර්ගසන්ගේ පන්දු වාරයට Phil Salt හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් රැස්කර ගැනීමට ද සමත්වුණා.

එම පන්දු වාරය වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button