(වීඩියෝ පහළින් නැරඹිය හැකියි) මෙවර IPL තරඟාවලියේ 39 වන තරඟය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණු අතර තියුණු තරඟයකින් අනතුරුව කඩුලු 06 ක ජයක් හිමිකරගැනීමට ලක්නව් කණ්ඩායම සමත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 කට ලකුණු 210 ක ලකුණු පුවරුවක් ගොඩනැඟූ අතර චෙන්නායි ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් නායක රුටුරාජ් ගයික්වාඩ් විශිෂ්ට ශතකයක් සමඟින් පන්දු 60 කින් නොදැවී ලකුණු 108 ක් රැස්කළා.
පිලිතුරු ඉනිම ක්‍රීඩාකළ ලක්නව් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04 කදී ලකුණු 211 ක ඉලක්කය හඹායමින් තරඟයේ ජය තහවුරු කරගැනීමට සමත්වුණා. ලක්නව් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයමින් සටන්කාමී ඉනිමක් දියත්කළ මාකස් ස්ටොයිනිස් පන්දු 63 කින් නොදැවී ලකුණු 124 ක් රැසකළේ හතරේ පහර 13 ක් සහ හයේ පහර 6 ක් ද සමඟින්. චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් සුපුරුදු පරිදි නැවතත් සාර්ථක පන්දුයැවීමක නිරතවෙමින් සිය පන්දුවාර 04 තුළ ලකුණු 35 කට කඩුලු දෙකක් බිඳදැමීමට මතීශ පතිරණ සමත්වුණා. ( මතීශ දවාගත් කඩුලු ද්විත්වය පහතින් නැරඹිය හැකියි )
ලක්නව් කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලකුණු 17 ක් අවශ්‍ය වූ අතර පළමු පන්දු 04 තුළ හයේ පහරක් සහ හතරේ පහර තුනක් එල්ලකරමින් ලක්නව් ජය තහවුරු කිරීමට මාකස් ස්ටොයිනිස් සමත්වුණා.
මතීශ පතිරණ දවාගත් කඩුලු ද්විත්වය ( වීඩියෝව )