කසුන් රාජිතගේ වාර්තාවක් නූලෙන් බෙරෙයි.. -
Records

කසුන් රාජිතගේ වාර්තාවක් නූලෙන් බෙරෙයි..

මෙවර IPL තරඟාවලියේ 40 වන තරඟය ලෙසින් පැවති ගුජරාට් ටයිටන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරඟයේදී මොහිට් ශර්මා යොමුකළ පන්දුවාර 04 තුළ ලකුණු 73 ක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා.

මොහිට් ශර්මාගේ මෙම පන්දුයැවීම වාර්තා අතරට එක්වුණේ IPL ඉතිහාසයේ දුර්වලම පන්දුයැවීම ලෙසයි. එමෙන්ම මෙය විස්සයි විස්ස ජාත්‍යන්තර පිටිය සහ ලීග් විස්සයි විස්ස පිටිය එක්ව සැලකූ කල දෙවන දුර්වලම පන්දුයැවීමද වනවා.

විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ දුර්වලම පන්දුයැවීමේ ලැජ්ජාසහගත වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතයි. 2019 වසරේ ඕස්ටේලියාවට සමඟ පැවති විස්සයි විස්ස තරඟයකදී කසුන් රාජිතගේ පන්දුවාර 04 තුළ ලකුණු 75 ක් ලබාගැනීමට ඕස්ටේලියාව සමත්වුණා

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button