IPL ඉතිහාසයේ දුර්වලම පන්දුයැවීම මොහිට් ශර්මාගෙන්.. -
IPLLeague

IPL ඉතිහාසයේ දුර්වලම පන්දුයැවීම මොහිට් ශර්මාගෙන්..

2024 IPL තරඟාවලියේ 40 වන තරඟය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර මේවනවිට පැවැත්වෙනවා.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 224 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වුණා. එහිදී සුපිරි ඉනිමක් දියත්කරමින් නායක රිශාබ් පාන්ට් පන්දු 43 කින් නොදැවී ලකුණු 88 ක් රැස්කළ අතර අක්ශාර් පටෙල් ලකුණු 66 ක් රැස්කළා.

මොහිට් ශර්මා යොමුකළ අවසන් පන්දුවාරයට ලකුණු 31 උදුරාගැනීමට රිශාබ් පාන්ට් සමත්වුණා. ( වීඩියෝව පහතින් නැරඹිය හැකියි ) මොහිට් ශර්මාගේ පන්දුවාර 04 තුළ ලකුණු 73 ක් උදුරාගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වූ අතර මොහිට් ශර්මාගේ මෙම පන්දුයැවීම වාර්තා වුනේ IPL ඉතිහාසයේ දුර්වලම පන්දුයැවීම ලෙසයි.

රිශාබ් පාන්ට් මුහුණදුන් මොහිට් ශර්මාගෙ අවසන් පන්දුවාරය ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button