මැච් 10 ක් සෙල්ලම් කලොත් රුපියල් කෝටියක් -
All News

මැච් 10 ක් සෙල්ලම් කලොත් රුපියල් කෝටියක්

ඉන්දීය ක්‍රිකට් පාලන මණ්ඩලය තම දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප ඉහල දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව වාර්ශිකව රංජි කුසලානයේ තරග 10 ක් ක්‍රිඩා කලහොත් ඉන්දීය රුපියල් කෝටියක පමණ මුදලක් උපයා ගත හැකිවනවා. මෙම තීරණය ඔවුන් ගෙන ඇත්තේ දේශිය ක්‍රිකට් දිරිගැන්වීම සඳහායි.
ඉන්දීය ක්‍රිකට් පරිපාලන මණ්ඩලය දැනට , රංජි කුසලාන තරග 40 කට වඩා ක්‍රීඩාකල ක්‍රීඩකයින්ට එක් තරගයක දවසක් ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය රුපියල් 60000 ක් ද තරග 21-40 අතර ක්‍රිඩා කල ක්‍රීඩකයින්ට ඉන්දිය රුපියල් 50000 ක් ද තරග 20 ක් ක්‍රීඩාකල ක්‍රීඩකයින්ට රුපියල් 40000 ක් ද ගෙවනු ලැබේ. එය ඉහල නංවන්නේ IPL ක්‍රීඩා නොකරන දේශීය තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයින් පහත නොහෙලා දිරිගැන්වීම සඳහායි.
ඉන්දීය ක්‍රිකට් පරිපාලන මණ්ඩලය යනු ලොව ධනවත්ම ක්‍රිකට් පරිපාලන මණ්ඩලයයි. ඔවුන්ගේ වත්කම ඩොලර් බිලියන 2 ඉක්මවනු ලබනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button