මිච් මාර්ශ් වෙනුවට ඇෆ්ගනිස්තාන සුපිරි ක්‍රීඩකයා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට.. -
All News

මිච් මාර්ශ් වෙනුවට ඇෆ්ගනිස්තාන සුපිරි ක්‍රීඩකයා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට..

මෙවර IPL තරඟාවලිය අතරතුර ආබාධයකට ලක්වූ මිචෙල් මාර්ශ් වෙනුවට ඇෆ්ගනිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක ගුල්බඩීන් නයිබ් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟින් ගිවිසුම්ගත වී තිබෙනවා.

මෙවර IPL තරඟාවලිය අතරතුර කලව ආශ්‍රිතව ඇතිවූ ආබාධයක් හේතුවෙන් මිචෙල් මාර්ශ්ට තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.

මේවනවිට ක්‍රීඩාකළ තරඟ 9 න් තරඟ 4 ක් ජයගනිමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්තානයේ පසුවෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button