වැරදීමකින් කණ්ඩායමට එකතුවූ Shashank ගෙන් වේගවත් ඉනිමක්. -
IPLLeague

වැරදීමකින් කණ්ඩායමට එකතුවූ Shashank ගෙන් වේගවත් ඉනිමක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 42 වන තරඟය ලෙස පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවතී තරඟයෙන් කඩුලු 8ක අතිවිශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පලමුව පන්දුවට පහර දුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 261ක් රැස්කර ගත් අතර, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා ක්ද්ළ Phil Salt ලකුණු 75ක් හා සුනිල් නරීන් පන්දු 32කින් ලකුණු 72ක් රැස්කර ගැනීමට සමත්වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 18.4ක් අවසානයේදී ජයග්‍රාහී ඉලක්කය හඹාගියේ කඩුලු 2ක් පමණක් දැවී. එහිදී නොදැවී විශිෂ්ඨ ශතකයක් වාර්තාකර ගැනීමට ජොනී බෙයාර්ස්ටෝ (108) සමත්වූ අතර, Shashank Singh පන්දු 28කදී හතරේ පහර 2ක් හා හයේ පහර 8ක් සමඟින් වේගවත් ලකුණු 68ක් ලබාගැනීමට සමත්වුණා.

මෙවර තරඟාවලියේ වෙන්දේසියේදී Shashank Singh පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට එකතුවූයේ ඔවුන්ට සිදුවූ අතපසුවීමකිනි. එනම්, පන්ජාබ් කණ්ඩායම උත්සහ කර ඇත්තේ ඔහුගේ නම ඇති වෙනත් ක්‍රීඩකයෙකු ලබාගැනීමටයි.

එලෙස වැරදීමකින් කණ්ඩායමට එකතුවූ Shashank මෙම තරඟයේ මෙන්ම පසුගිය තරඟ වලදීත් විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වුණා.

ඔහුගේ වේගවත් ඉනිම වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button