මතීශගෙන් සුපිරි පන්දුයැවීමක්. -
IPLLeague

මතීශගෙන් සුපිරි පන්දුයැවීමක්.

මෙවර IPL තරඟාවලියේ 46 වන තරඟය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වුණු අතර තරඟයෙන් ලකුණු 78 ක පහසු ජයක් හිමිකරගැනීමට චෙන්නායි කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 කට ලකුණු 212 ක් රැස්කළා. විශිෂ්ට ඉනිමක් දියත්කළ රුටුරාජ් ගයික්වාඩ් පන්දු 54 ක් තුළ ලකුණු 98 ක් රැස්කළ අතර ඔහු මෙවර තරඟාවලියේ සිය දෙවන ශතකය අභියස අවාසනාවන්ත ලෙස දැවීගියා. ඩැරල් මිචෙල් පන්දු 32 කින් ලකුණු 52 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 134 ක් පමණයි. එහිදි විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ තුශාර් දේශ්පාන්ඩේ ලකුණු 27 කට කඩුලු 4 ක් බිඳදැමුවා.

නැවතත් සාර්ථක පන්දුයැවීමක නිරතවූ මතීශ පතිරණ සිය පන්දුවාර දෙක තුළ ලකුණු 17 කට කඩුලු දෙකක් බිඳදැමුවා. ඒ මාර්ක්‍රම්ගේ සහ ක්ලාසන්ගේ කඩුලු දවාගනිමින්.

මතීශ පතිරණ දවාගත් කඩුලු ද්විත්වය ( වීඩියෝ පහතින් නරඹන්න )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button