දෝණියි, රොහිට් ශර්මයි, කෝලියි අපිට හිනාවුණා. – කුසල් මෙන්ඩිස්

අද දෙරණ 360 සටහනට මෙවර ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් සහභාගී වූ අතර එහිදී ” සිය ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම කුමක් ද ” යනුවෙන් ඇසූ ප්‍රශ්ණයකට මෙන්ඩිස් මෙලෙසින් පිළිතුරු ලබාදුන්නා.
” එංගලන්තෙදි චැම්පියන්ස් ට්‍රෝපි එකේදි මමයි ධනිශ්ක අයියයි සෙල්ලම් කළා ඉන්දියාවත් එක්ක. අපි 320 ක් චේස් කළා එංගලන්තෙ ඕවල් ක්‍රීඩාංගණේදි. පළවෙනි විකට් එක වැටුනා අඩු ලකුණු සංඛ්‍යාවකදි. මායි ධනිශ්ක අයියයි බැට් කරද්දි මන් ඇස් දෙකට දැකපු එකක් තමයි දෝණියි, රොහිට් ශර්මායි, විරාට් කෝලියි අපි දිහා බල බල හිනාවුනා. අපි දෙන්න අඩු එක්ස්පීරියන්ස් තීන දෙන්නෙක්.. පළවෙනි පාරට එංග්ලන්ඩ් වල ගහන්නෙ. ලොකු ටූර්නමන්ට් එකක්.
ඉතින් ඒක අපි දැකලා මායි ධනිශ්ක අයියයි ලකුණු අතරට එද්දි ඒගොල්ලන්ගෙ පීඩනය අපි දැක්කා. එදා මගේ ඉනිමටත් වඩා මැච් එක ඉවරකරපු විදිහට මම කැමතියි. කුසල් මෙන්ඩිස්ව ලෝකයක් දැනගත්තෙ සමහරවිට ඒ මැච් එකෙන් වෙන්න පුලුවන්. එංග්ලන්ඩ් වල ඉන්දියා වගේ බෝලින්ග් ඇටෑක් එකකට ඒ වගේ ලකුණු ප්‍රමාණයක් ලබාගත්ත එක. ඒක තමයි මගේ හොඳම ඉනිම කියලා කියන්න කැමතියි. “