ප්‍රභල ඉන්දියාවෙන් ප්‍රභල සංචිතයක්.. -
News

ප්‍රභල ඉන්දියාවෙන් ප්‍රභල සංචිතයක්..

එළඹෙන ජූනී මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දීය නිළ සංචිතය නම්කර තිබෙනවා.

සුපුරුදු පරිදි ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රොහිට් ශර්මා විසින් දරන අතර උපනායකත්වය හර්දික් පාන්ඩ්‍යාට හිමිව තිබෙනවා. මෙවර ලෝක කුසලාන සංචිතයට සංජු සැම්සන්ව කඩුලු රකින පිතිකරුවෙකු ලෙසින් නම්කර තිබෙන අතර දරුණු රිය අනතුරකින් අනතුරුව නැවතත් IPL පිටියේ විශිෂ්ට දස්කම් දක්වමින් සිටින රිශාබ් පාන්ට් හටද අවස්තාව හිමිවී තිබෙනවා.

එලෙසම මෙවර ලෝක කුසලාන සංචිතයේ ඉඩ අහිමිවේ යැයි බොහෝ දෙනා අනුමාන කළ විරාත් කෝලිටද සංචිතයේ ඉඩ හිමිවී තිබීම විශේශත්වයක්.

ලෝකේශ් රාහුල්, ඉශාන් ක්‍රිශාන් ඇතුලු ප්‍රභල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට මෙවර ලෝක කුසලානයේ අවස්තාව අහිමි වන අතර ශුබ්මන් ගිල්, රිංකු සිං, කලීල් අහමඩ් සහ අවේශ් ඛාන් අතිරේක ක්‍රීඩකයින් ලෙසින් නම්කර තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ ඉන්දීය සංචිතය පහතින්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button