වීඩියෝ කරපු කෙනාට ස්තුතියි.. මම බයේ හිටියෙ මගේ ක්‍රිකට් නැතිවෙයි කියලා – කුසල් මෙන්ඩිස් -
Conference

වීඩියෝ කරපු කෙනාට ස්තුතියි.. මම බයේ හිටියෙ මගේ ක්‍රිකට් නැතිවෙයි කියලා – කුසල් මෙන්ඩිස්

අද දෙරණ 360 වැඩසටහනට මෙවර ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් සහභාගී වූ අතර එංගලන්තයේ ඩරම්හීදී කොවිඩ් 19 ජෛව ආරක්ශණ බුබුළ කඩකිරීමේ සිදුවීම සහ තරඟ තහනම පිළිබඳව කුසල් මෙන්ඩිස් සිය හඬ අවදි කළා.

ඔහු දැක්වූ අදහස් පහතින්

” බයෝ බබල් එක රටින් රටට වෙනස්. අපි එංගලන්තෙට ගියාට පස්සෙ කිව්ව අපිට හොටෙල් එක වටේ කිලෝ මීටරයක් ඇතුළත යන්න පුලුවන් කියලා. ඇත්තටම අපිට අදහසක් තිබ්බෙ නෑ කිලෝමීටරයක් කියන එක කොච්චරක්ද කියලා. ඒ වෙලාවෙ මමයි තව ක්‍රීඩකයො දෙන්නෙක් එක්ක තමා ගියේ. අපි ඇත්තටම ගියේ ඩිනර් වලට තිබ්බෙ වෙලාවෙ.

අපි කාලයක් තිස්සෙ මාස 7 ක් 8 ක් විතර හොටෙල් එක ඇතුළෙ හිටියෙ. ඉතින් අපි එලියට යන්න පුලුවන් කිව්වට පස්සෙ ඔලුවෙ තිබ්බ ෆ්‍රෙශර් එකත් යවාගන්න තමයි අපි එළියට ගියේ. මැච් පැරදිලා හිටියේ අපි ඒ වෙලාවෙ. අපි එලියට ගිය වෙලාවෙ එංගලන්ත ක්‍රීඩකයො හය හත්දෙනෙකුත් අපිට හම්බුණා. මම නම් කියන්නෙ නෑ. අර වීඩියෝ එකක් ආපු නිසා තමයි දැනගත්තෙ අපි හොටෙල් එකෙන් ගිහිල්ල කියලා.

එංගලන්තයේ දී අපිව විඩියෝ කරපු කෙනාට ස්තුති වන්ත වෙනවා.. අපි වැරැද්දක් කලේ බබල් එක කඩපු එක .ඒ වීඩියෝ එකෙන් පස්සේ සෑහෙන්න දෙයක් මං ඉගෙන ගත්තා .එදාම අපිට ලංකාවට එන්න උනා. මට තේරුනා මගේ ක්‍රිකට් එක කොච්චර පල්ලෙහාට ගියාද කියලා .

සමහරවිට මට එතතින් එහාට ක්‍රිකට් එක නැති වෙන්නත් තිබ්බා. මං බයේ හිටියෙ පොඩි කාලේ ඉඳන් ගහන් අහපු ක්‍රිකට් එක නැති වෙයි කියලා. ඇත්තටම එක පැත්තකින් විඩියෝ එක කරපු කෙනාට ස්තූතිවන්ත වෙනවා, ඒ දෙයින් පස්සේ මට සෑහෙන්න දේවල් ලැබුනා , ODI ටීම් එකේ කැප්ටන් කරන්නෙත් ඔය දේ හින්දා වෙන්න ඇති …! “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button