මෙන්ඩිස්ගෙන් සුපිරි ශතකයක්. Red පරදා Yellow පළමු ජය ලබයි.. -
Domestic

මෙන්ඩිස්ගෙන් සුපිරි ශතකයක්. Red පරදා Yellow පළමු ජය ලබයි..

විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වීමේ අරමුණෙන් පැවැත්වෙන තුන්කොන් තරඟාවලියේ පළමු තරඟය SLC Red කණ්ඩායම සහ SLC Yellow කණ්ඩායම අතර පැවැත්වුණු අතර ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට Yellow කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් Yellow කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු තුනකට ලකුණු 225 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟූ අතර සුපිරි ඉනිමක් දියත්කළ කුසල් මෙන්ඩිස් පන්දු 50 කින් නොදැවී ශතකයක් වාර්තා කළා. සාර්ථක ඉනිමක් දියත්කරමින් ශෙවෝන් ඩැනියෙල් පන්දු 41 කින් ලකුණු 59 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ Red කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 200 ක් පමණයි. Red කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත්කළ කමිඳු මෙන්ඩිස් පන්දු 48 කින් ලකුණු 82 ක් රැස්කළා. Yellow කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 39 කට කඩුලු 03 ක් දවාගත් අතර ලහිරු කුමාර ලකුණු 40 කට කඩුලු දෙකක් බිඳදැමුවා.

තරඟාවලියේ දෙවන තරඟය Team Blue සහ Team Red අතර එළඹෙන මැයි 02 වනදා පැවැත්වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button