උගන්ඩා කණ්ඩායම ශ්‍රී ලංකාව පරදවයි -
Domestic

උගන්ඩා කණ්ඩායම ශ්‍රී ලංකාව පරදවයි

උගන්ඩා කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා ලකුණු 08 ක ජයක් ලැබීමට උගන්ඩා කණ්ඩායම සමත්වුනා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් උගන්ඩා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 කට ලකුණු 214 ක් රැස් කරනු ලැබුවා. එහිදී R පටෙල් පන්දු 26 කදී ලකුණු 47 ක් , A රම්ජානි පන්දු 21 කදී ලකුණු 47 ක් හා S සෙසායි පන්දු 31 කදී ලකුණු 32 ක් රැස් කලා. පන්දු යැවීමේදී විශ්ව ලහිරු ලකුණු 24 කට කඩුලු 03ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 කට රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 206 ක් පමණයි. වේගවත් ඉනිමක් ක්‍රීඩාකල සදුන් වීරක්කොඩි පන්දු 29 කදී ලකුණු 60 ක් රැස් කලා. ඔහුට අමතරව දිනුර කලුපහන පන්දු 21 කදී ලකුණු 31 ක් රෑස් කරනු ලැබුවා.

උගන්ඩා පන්දු යැවීමේදී B හසුන් ලකුණු 55 කට කඩුලු 4 ක් හා D. නක්රානි ලකුණු 23 කට කඩුලු 3 ක්ද බිඳ හෙලුවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button