නුවන් තුශාර කොල්කටා මුල්පෙළ සුනුවිසුණු කරයි.. -
IPLLeague

නුවන් තුශාර කොල්කටා මුල්පෙළ සුනුවිසුණු කරයි..

( වීඩියෝව පහතින් නැරඹිය හැකියි ) මෙවර IPL තරඟාවලියේ 51 වන තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර මේවනවිට පැවැත්වෙනවා.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 169 ක් රැස්කළා. කොල්කටා ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් වෙන්කටේශ් අයියර් පන්දු 52 කින් ලකුණු 70 ක් රැස්කළ අතර මනීශ් පාන්ඩේ ලකුණු 42 ක් රැස්කළා. මුම්බායි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 18 කට කඩුලු 03 ක් බිඳදැමුවා.

කොල්කටා ඉනිමේ මුල්පෙළ ප්‍රභල කඩුලු තුනක් බිඳදැමීමට නුවන් තුශාර සමත්වූ අතර ඔහු සිය පන්දුවාර 04 ලකුණු 42 කට කඩුලු 03 ක් දවාගනිමින් නිමාකළා.

නුවන් තුශාර දවාගත් කඩුලු ත්‍රිත්වය ( වීඩියෝ )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button