LPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි.. -
LeagueLPL

LPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි..

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලීග් තරඟාවලිය වන ලංකා ප්‍රිමීයර් ලීග් 2024 තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන මැයි 21 වන දින කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

සෑම කණ්ඩායමකටම උපරිම වශයෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකුද අවම වශයෙන් ක්‍රීඩකයින් 20 දෙනෙකුද ඇතුළත් විය යුත් අතර ඒ අතර සිටිය යුතු විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණය හයක්.

එලෙසම සෑම තරඟයකදීම ක්‍රීඩාකරන ක්‍රීඩකයින් 11 ස් දෙනා අතරට ශ්‍රී ලංකා 23 න් පහළ ක්‍රීඩකයෙකුද නම්කළ යුතු බව අනිවාර්ය කර තිබීමද විශේශත්වයක්.

තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිත බවද දැනුම්දී තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button