මුම්බායි ඉන්දියන්ස් තරඟාවලියෙන් ඉවතට.. -
IPLLeague

මුම්බායි ඉන්දියන්ස් තරඟාවලියෙන් ඉවතට..

( වීඩියෝව පහතින් නැරඹිය හැකියි ) මෙවර IPL තරඟාවලියේ 51 වන තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැත්වුණු අතර ලකුණු 24 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 169 ක් රැස්කළා. කොල්කටා ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් වෙන්කටේශ් අයියර් පන්දු 52 කින් ලකුණු 70 ක් රැස්කළ අතර මනීශ් පාන්ඩේ ලකුණු 42 ක් රැස්කළා. මුම්බායි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 18 කට කඩුලු 03 ක් බිඳදැමුවා.

කොල්කටා ඉනිමේ මුල්පෙළ ප්‍රභල කඩුලු තුනක් බිඳදැමීමට නුවන් තුශාර සමත්වූ අතර ඔහු සිය පන්දුවාර 04 ලකුණු 42 කට කඩුලු 03 ක් දවාගනිමින් නිමාකළා. ( නුවන් තුශාර දවාගත් කඩුලු ත්‍රිත්වය වීඩියෝව )

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 145 ක් පමණයි. එහිදී සූර්යකුමාර් යාදව් පන්දු 35 කින් ලකුණු 56 ක් රැස්කළ අතර අනෙකුත් කිසිම පිතිකරුවෙකුට සාර්ථක වීමට කොල්කටා පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නේ නෑ.

මෙවර IPL තරඟාවලියේ පළමු වරට සුපිරි පන්දුයැවීමක නිරතවීමට මිචෙල් ස්ට්‍රාක් සමත්වුණේ ලකුණු 33 කට කඩුලු හතරක් බිඳදමමින්. ( ස්ට්‍රාක්ගේ පන්දුයැවීම පහතින් නරඹන්න )

මිචෙල් ස්ට්‍රාක්ගේ සුපිරි පන්දුයැවීම ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button