විස්සයි විස්ස ලෝක කුසලානයට ත්‍රස්ත තර්ජන.. -
News

විස්සයි විස්ස ලෝක කුසලානයට ත්‍රස්ත තර්ජන..

2024 විස්සයි විස්ස ලෝක කුසලානයට ත්‍රස්තවාදී තර්ජනයක් පිළිබඳව නිරීක්ෂණය කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ අග්‍රාමාත්‍ය වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ත්‍රස්තවාදී තර්ජනයක් නිරීක්ෂණය කර ඇති බැවින් 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පුළුල් සහ ශක්තිමත් ආරක්ශක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ICC ය සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සහතික කර තිබෙනවා.

කණ්ඩායම් 20 කින් සමන්විත T20 ලෝක කුසලානය ක්‍රීඩාංගණ නවයක පැවැත්වෙන අතර ඉන් 6 ක් බටහිර ඉන්දීය කොදෙව්හි සහ 3 ක් ඇමරිකා එක්සත් ජනපදයේ සූදානම්ව ඇති අතර තරගාවලිය ජූනි 1 සිට 29 දක්වා පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරඟය සත්කාරක බාබඩෝස්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button