කලකට පසු දසුන් ශානක ලකුණු අතරට.. -
Domestic

කලකට පසු දසුන් ශානක ලකුණු අතරට..

විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් පෙර පුහුණුවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියේ SLC Red කණ්ඩායම සහ SLC Yellow කණ්ඩායම අතර තරඟය අද පැවැත්වුණු අතර ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට SLC Red කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් Reds කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 කට ලකුණු 192 ක් රැස්කළ අතර එහිදී විශිෂ්ට ඉනිමක් දියත්කළ දසුන් ශානක පන්දු 38 කින් නොදැවී ලකුණු 63 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ Yellow කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 152 ක් පමණයි. එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දු 20 කින් ලකුණු 41 ක් රැස්කළ අතර අනෙක් කිසිඳු පිතිකරුවෙකුට සාර්ථක වීමට Red පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නේ නෑ. විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ බිනුර ප්‍රනාන්දු ලකුණු 22 කට කඩුලු 03 ක් බිඳදැමූ අතර නිමේශ් විමුක්ති ලකුණු 34 කට කඩුලු 03 ක් බිඳදැමුවා.

තරඟාවලියේ පස්වන තරඟය අනිද්දා (10) SLC Greens සහ SLC Reds කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button