සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් වාර්තාගත හඹායෑමක්.. -
IPLLeague

සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් වාර්තාගත හඹායෑමක්..

(වීඩියෝ පහතින්) මෙවර IPL තරඟාවලියේ 57 වන තරඟය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වුණු අතර වාර්තාගත හඹායාමකින් පහසු ජයක් වාර්තා කිරීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදීමට පැමිණි ලක්නව් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 165 ක් පමණයි. ලක්නව් ඉනිම වෙනුවෙන් ආයුශ් බදෝනි පන්දු 30 කින් නොදැවී ලකුණු 55 ක් රැස්කළ අතර නිකලස් පූරන් පන්දු 26 කින් නොදැවී ලකුණු 48 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 09 යි පන්දු 4 ක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 166 ක ඉලක්කය හඹාගියේ ට්‍රැවිස් හෙඩ් සහ අභිශේක් ශර්මාගේ අනුකම්පා විරහිත ප්‍රහාරයත් සමඟින්. මෙම හඹායාම වාර්තා අතරට එක්වුණේ විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවාර 10 ක් තුළ හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ ට්‍රැවීස් හෙඩ් පන්දු 30 කින් නොදැවී ලකුණු 89 ක් සහ අභිශේක් ශර්මා පන්දු 28 කින් නොදැවී ලකුණු 75 ක් වාර්තා කළා.

ට්‍රැවිස් හෙඩ් සහ අභිශේක් ශර්මා දියත්කළ වේගවත් ඉනිම් ද්විත්වය ( වීඩියෝ )

Travis Head | 89(30) 4*8 6*8 (Video)

Abhishek Sharma | 75(28) 4*8 6*6 (Video)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button