මම මහන්සි වෙනවා ආයෙත් කණ්ඩායමට එන්න – නුවනිඳු ප්‍රනාන්දු -
Conference

මම මහන්සි වෙනවා ආයෙත් කණ්ඩායමට එන්න – නුවනිඳු ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරඟ හතරකට පමණක් සීමාවෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමි වූ යොවුන් ක්‍රීඩක නුවනිඳු ප්‍රනාන්දු ඔහුගේ ඉදිරි සැලසුම් සහ නැවතත් කණ්ඩායමට පැමිණීමේ බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

ඔහු දැක්වූ අදහස් පහතින්

” මට ජාතික කණ්ඩායමේ එක්දින තරඟ ක්‍රීඩා කරන්න අවස්තාව ලැබුණා. නමුත් මට නැවත වරක් කණ්ඩායමේ ස්‍තානයක් හොයාගන්න බැරිවුණා. දැන් මගේ අරමුණ මහන්සි වෙලා ආයේත් ජාතික කණ්ඩායමට පැමිණීමයි.

මට ජාතික කණ්ඩායමේ ක්‍රීඩාකරන්න ලැබුණු අවස්තාවලදි මගේ පිතිකරණ ස්තානය හෝ මම පන්දුවට පහරදීමට කැමති ස්තානය ගැන හිතන්නෙ නෑ. මට හැම වෙලාවෙම වැදගත් වෙන්නෙ කණ්ඩායමේ සාර්ථකත්වයයි. මම ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. මහේ පෞද්ගලික සංධිස්ථාන වලට මම ප්‍රමුඛත්වය දෙන්නෙ නෑ.. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button