නවසීලන්ත සුපිරි පිතිකරුවා ජාත්‍යන්තර පිටියට සමුදෙයි.. -
News

නවසීලන්ත සුපිරි පිතිකරුවා ජාත්‍යන්තර පිටියට සමුදෙයි..

නවසීලන්තය ප්‍රවේගකාරී සුපිරි පිතිකරු කොලීන් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බව නිවේදනය කර තිබෙනවා. සමුගන්නා විට ජාත්‍යන්තර තරඟ 123 කදී නවසීලන්තය නියෝජනය කරමින් ලකුණු 3010 ක් ඔහු වාර්තා කර තිඹුණා.

ඔහුගේ නිළ Instagram ගිණුමේ සටහනක් තබමින් ඔහු සමුගෑනීම නිළවශයෙන් නිවේදනය කළ අතර සමුගැනීමට හේතුව පිළිබඳව ද ඔහු එහිදී ඉඟි පලකර තිබුණා.

සමුගැනීම නිවේදනය කරමින් ඔහු තැබූ Instagram සටහන පහතින්

” නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩාකිරීම මගේ ක්‍රීඩා දිවියේ ලද ලොකුම ජයග්‍රහණයයි. මට නවසීලන්තය ජර්සිය පැළඳීම තරම් වෙන කිසිම ආඩම්බරයක් දැනිලා නෑ. 123 වතාවක් එය පැළඳීමට ලැබීමට හැකිවීම ගැන මම ගොඩක් ආඩම්බර වන දෙයක්. මම අද ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කරනවා. මම අවසන් වරට නවසීලන්ත කණ්ඩායමේ පෙනී සිට ටික කලක් ගත වුණත් මගේ ලීග් දක්ශතා සමඟින් මගේ ආකෘතිය වන විස්සයි විස්ස ආකෘතියෙන් නැවතත් කණ්ඩායමට පැමිණීම ගැන මම බලාපොරොත්තු අත්හැර තිබුණේ නෑ. එය කිසිවිටෙකත් සිදු නොවීමට හේතුව මන්දැයි මට වැටහුණා. නමුත් නවසීලන්ත ලෝක කුසලාන සංචිතය නම් කිරීමත් සමඟ එම පරිච්ඡේදය නිළවශයෙන් වසාදැමීමට හොඳම කාලය දැන් පැමිණ තිබේ. මම නොඉවසිල්ලෙන් ආශාවෙන් බලාගෙන ඉන්නවා අපේ ක්‍රීඩකයින් බටහිර ඉන්දීය කොදෙව්වල ක්‍රීඩාකරන හැටි බලන්න. මම මගේ ක්‍රීඩාව ලීග් තරඟ තුළින් ඉදිරියට කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. “

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button