අයර්ලන්තයට පෙරළිකාර ජයක්.. -
Match Results

අයර්ලන්තයට පෙරළිකාර ජයක්..

පාකිස්තාන කණ්ඩායමේ අයර්ලන්ත සංචාරයේ තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟයෙන් කඩුලු 05 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත්වුණා. අයර්ලන්ත කණ්ඩායම විසින් පාකිස්තානය පරාජයට පත්කළේ වසර 17 කට පසුව වීමද විශේශත්වයක්.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 කට ලකුණු 182 ක් රැස්කළා. එහිදී නායක බාබර් අසාම් පන්දු 43 කින් ලකුණු 57 ක් සහ සයිම් අයුබ් පන්දු 29 කින් ලකුණු 45 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ අයර්ලන්ත කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව 19 වන පන්දුවාරයේදී පස්වන පන්දුවේදී සිය ඉලක්කය හඹායමින් කඩුලු 05 ක ජයක් වාර්තා කළා. එහීදී අයර්ලන්ත ජයග්‍රහණයට මාවත විවර කළ ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රි බැල්බර්නි පන්දු 55 කින් ලකුණු 77 ක් වාර්තා කළ අතර අයර්ලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය කර්ටිස් කැම්පර් පන්දු 07 කින් නොදැවී ලකුණු 15 ක් සහ ග්‍රේත් ඩිලෙනි පන්දු 06 කින් නොදැවී ලකුණු 10 ක් වාර්තා කළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button