මෙන්ඩිස්ගේ වීසා ප්‍රතික්ශේප වී නෑ – ඈෂ්ලි ද සිල්වා -
News

මෙන්ඩිස්ගේ වීසා ප්‍රතික්ශේප වී නෑ – ඈෂ්ලි ද සිල්වා

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස්ට ලෝක කුසලානය ක්‍රීඩාකිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට අවශ්‍ය කරන වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප වී ඇති බවට පැතිර යන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය අමතමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප වී නොමැති බවත් එය තවමත් සකස්කරමින් සිටින බවයි. ඉදිරි දින දෙක ඇතුළත මෙන්ඩිස් හට වීසා ලැබෙනු ඇතිබවට අනුමාන කරන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

කෙසේවෙතත් ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් අදාළ කටයුතු සඳහා මෙන්ඩිස්ගෙන් වැඩිදුර තොරතුරු ඉල්ලා තිබෙන බවද වාර්තා වන අතර 2020 වසරේ පානදුර ප්‍රදේශයේ මෙන්ඩිස් අතින් සිදුවූ රිය අනතුර සම්බන්ධවද තොරතුරු වාර්තා කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉල්ලා ඇති බවද වාර්තා වෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button