රෝහිට් ශර්මා, තමන් මුහුණදෙමින් භයානකම පන්දු යවන්නා ගැන අදහස් දක්වයි. -
Conference

රෝහිට් ශර්මා, තමන් මුහුණදෙමින් භයානකම පන්දු යවන්නා ගැන අදහස් දක්වයි.

ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිට් ශර්මා, විශිෂ්ඨ පිතිකරුවෙක් හා ඉන්දියාව බිහිකළ තවත් සුපිරි නායකයෙක් වන අතර, ඔහු මුහුණදුන් භයානකම හා අපහසුම පන්දු යවන්නා ගැන පසුගිය දා අදහස් දක්වා තිබුණා.

ඔහු පවසා තිබුණේ ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ පන්දු යවන්නන් සම්බන්ධව භීතියක් නොමැති වුණත් දකුණු අප්‍රිකාණු සුපිරි වේග පන්දු යවන්නකු වූ ඩේල් ස්ටේන්ගේ පන්දු වලට මුහුණ දීමට පෙර වීඩියෝ 100කට වඩා නරඹා තිබුණ බවට පවසා තිබෙනවා.

එසේම, රෝහිට් ශර්මා ක්‍රිකට් දිවිය ආරම්භ කරන විට, ඔහු කැමතිම පන්දු යවන්නා ද ඩේල් ස්ටේන් බව පවසා තිබෙනවා.

“මම කණ්ඩායමට එනකොට ලෝකයේ වේගවත්ම පන්දු යවන්නා බ්‍රෙට් ලී. මගේ මංගල එක්දින තරගාවලියේදී මම දකුණු අප්‍රිකාවට මුහුණ දෙන්න අයර්ලන්තයට ගියා. මම ඇත්තටම ලී ට සහ ස්ටේන්ට කැමතියි, ඔවුන්ට මුහුණ දීමේ දුෂ්කරතා මටත් තිබුණා, ”රෝහිත් පවසා තිබෙනවා.

එසේම, මේ වන විට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතරින්, රබාඩා හා හේසල්වුඩ් සම්බන්ධයෙන් ද ශර්මා අදහස් දක්වා තිබුණා.

“දැන් ඉන්න අයගෙන් රබාඩා හොඳ පන්දු යවන්නෙක්, මම ජොෂ් හේසල්වුඩ්ටත් ගොඩක් කැමතියි, ඔහු ඉතා විනයක් ඇතිව පන්දු යවනවා,”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button